හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහල්ගත කෙරේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි හෘද ආබාධයක් හේතුවෙන් අද (12) උදෑසන කොළඹ නවලෝක පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ගවලට අනුව, කිරුළපන පිහිටි සිය නිවසේ රැඳී සිටියදී හිටපු ජනාධිපතිවරයාට මෙම හදිසි සෞඛ්‍ය තත්ත්වය ඇති වී තිබේ. අනතුරුව ඔහුට අවශ්‍ය හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ
මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව ද එම ආරංචි මාර්ග පවසයි
. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.