අනේ අද මට එන්න විදිහක් නෑ.. කට වරද්දාගත් විමල් නැවතත් හඬා වැටෙයි

Report

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් වීරසිංහ සරත්ගේ (බෙලිඅත්තේ සනා නමැත්තා) ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව සිදුවන විමර්ශනයේදී වැඩිදුර කරුණු විමසීම සඳහා අද (12) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවීමක් සිදුවී තිබේ.

කෙසේ වෙතත්, අද දිනයේ පැමිණීමට නොහැකි බව පවසමින්, වෙනත් දිනයක් ලබාදෙන ලෙස තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙන් හිටපු අමාත්‍ය වීරවංශ මහතා ඉල්ලීමක් කර ඇත.

විමල් වීරවංශ CIDයට - ඒ පාර මොකද මේ

විමල් වීරවංශ CIDයට - ඒ පාර මොකද මේ

මෙම ප්‍රකාශයේදී වීරවංශ මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකාරී සාමාජිකයෙකු බවයි. මෙම ප්‍රකාශයට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

දැන දැනම අසත්‍ය බව දන්නා හෝ අසත්‍ය බව විශ්වාස කරන තොරතුරක් හෝ කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය සූදානම් වන බව පොලිස් ආධිකාරීවරුන් පවසති.

ගල්කිස්ස සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

ගල්කිස්ස සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

මහෙස්ත්‍රාත්වරුන්ට බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් සම්බන්ධ චක්‍රලේඛයක්

මහෙස්ත්‍රාත්වරුන්ට බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් සම්බන්ධ චක්‍රලේඛයක්