ඉදිරි පැය 12 ඉතා අවදානෙන් - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Report

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය බටහිර - වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහි බලපෑම නිසා ජනවාරි 08 වැනිදා සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් වැඩි විය හැකිය.

ජනවාරි 10 වෙනිදට රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

ජනවාරි 10 වෙනිදට රජයෙන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තද වැසිද ඇති විය හැකිය.

උතුරු පළාතේත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50 පමණ තද සුළඟ ඇති විය හැකිය.

හෙට තත්ත්වය දරුණුයි - ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් ගැන දැනුම්දෙයි

හෙට තත්ත්වය දරුණුයි - ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් ගැන දැනුම්දෙයි

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළඟ සහ අකුණු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව සූදානම් කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ දෙපාර්තමේන්තුවේ නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙසද දැනුම් දෙයි.

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්