ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

Report

බර අඩු කරගන්න ඔයා ට්‍රයි කරන ගමන් ද ඉන්නේ?.

එහෙනම් මෙන්න මේ රෙසිපි එක ඔයාට කදිමයි.

චියා (chia seeds) ඇට ගැන ඔයා දන්නේ කොහොම ද?.

චියා ඇට බර අඩු කර ගන්නට උත්සාහ දරන්නන් අතර ඕට්ස් තරමට ම ජනප්‍රිය ආහාරයක් කීවොත් නිවැරදී.

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)

කස කසා ඇට වගේ ම වුණත් කස කසා ඇට සහ චියා ඇට කියන්නේ වර්ග දෙකක්.

චියා ඇට තරමක් මිලෙන් අධික වෙනවා.

නමුත් පෝෂණ ගුණයෙන් අනූනයි.

පාසල් දරුවන්ට දෙන දීමනාව.. ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.. ගාණ මෙන්න..

පාසල් දරුවන්ට දෙන දීමනාව.. ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.. ගාණ මෙන්න..

පහසුවෙන් හදාගන්නට පුළුවන් චියා පුඩිං රෙසිපි එකක් තමයි මේ කියන්න යන්නේ. 

උදෑසන ආහාරයට වගේ ම healthy desserts හොයන ඔයාටත් මේවා හදාගන්න හරිම පහසුයි.

චියා ඇටවල පෝෂණීය ගුණ මේවායෙහි ඇති තන්තුමය ස්වභාවය නිසා ආහාර ජීර්ණය කිරීමට පහසුයි.

ඒ නිසා ම මළ බද්ධය වැනි තත්ත්වයන්ට ඉතා සුදුසුයි.

නමුත් චියා ඇට ආහාරයට ගන්නවා නම් හොඳින් වතුර බොන්නට මතක තබා ගන්න.

චියා ඇට වතුර උරා ගන්නා නිසා ඔබ හොඳින් වතුර නොබිව්වහොත් මළ බද්ධය වැඩි වීමට හැකියාව තිබෙනවා.

රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවකුත් චියා ඇටවලට තිබෙනවා.

ඒ වගේ ම රුධිර පීඩනය අඩු කරන්නටත් මේවාට පුළුවන්.

චියා ඇට ප්‍රතිඔක්සිකාරකවලිනුත් අනූන වේ.

චියා යෝගට් පුඩිං හදන හැටි කියන්නයි මේ හදන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :-

චියා ඇට මේස හැඳි දෙකක්

යෝගට් එකක්

අවශ්‍යනම් පමණක් මී පැණි ටිකක්

සාදන ආකාරය :-

යෝගට් එක හොඳින් බීට් කරන්න. එයට චියා ඇට ටික සහ මී පැණි ටික එක් කරන්න. රැයක් ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්...

You May Like This Video👇 

.