බන්ධනාගාර රෝහලට ගිය හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ට මොකද වුණේ?. විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Lohan Ratwatte Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison Latest Headlines
By krishani Nov 02, 2024 04:20 PM GMT
krishani

krishani

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කෙරිණ.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර අමාත්‍යවරයා ව සිටි බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ සටහන් කර තිබූ බව ය.

ඔබත් මෙන්න මේ ප්‍රදේශවල ද?. ඕන උනොත් වහාම.. ආරක්ෂිත ස්ථාන කරා යන්න.. අවදානයෙන්ම සිටින ලෙස ජනතාවට දැනුම්දීමක් මෙන්න..

ඔබත් මෙන්න මේ ප්‍රදේශවල ද?. ඕන උනොත් වහාම.. ආරක්ෂිත ස්ථාන කරා යන්න.. අවදානයෙන්ම සිටින ලෙස ජනතාවට දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම, බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳ වීය.

සායනික ප්‍රතිකාරත් කරලා නෑ.. වෛද්‍යවරු ආරම්භ කළ පැය 24ක වැඩවර්ජනය අවසන්.. නමුත් සඳුදා වෙන දෙය මෙන්න..

සායනික ප්‍රතිකාරත් කරලා නෑ.. වෛද්‍යවරු ආරම්භ කළ පැය 24ක වැඩවර්ජනය අවසන්.. නමුත් සඳුදා වෙන දෙය මෙන්න..


එහිදී ස්වන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළ යුතු බවත් දන්වා ඇත.

තවද අක්මාව, පෙනහළු හා අගන්‍යාශය ආශ්‍රිත රෝගී තත්ත්වයන්වලින් පසුවූ බැවින් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ යුතු බවත් බන්ධනාගාර රෝහල් වාර්තාවේ සඳහන්ව තිබූ බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


එමෙන්ම දැනට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ප්‍රතිකාර අවසන් වීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත නැවත බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිත බවද බන්ධනාගාර කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

ReeCha