අද තීරණාත්මක සාකච්ඡාවක්!

Election Commission of Sri Lanka The Local Local government Election Sri Lanka election updates
By Shehan Apr 08, 2025 04:50 AM GMT
Shehan

Shehan

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් උද්ගතව ඇති නවතම තත්ත්වය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව අද (08) සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එහි සාමාජික එම්.ඒ.පී.සී. පෙරේරා පැවසීය.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම සම්බන්ධ අධිකරණ තීන්දුවත් සමඟ ඉදිරි පියවර ගත යුතු ආකාරය අද පෙරවරුවේ කොමිෂන් සභාව රැස්වී සලකා බලන බව ඔහු සඳහන් කළේය.

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

එම රැස්වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සහ මණ්ඩල ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තවත් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

මෙම තත්ත්වය හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට හැකි වූයේ පළාත් පාලන ආයතන 114කට පමණක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

මේ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සහ නඩු කටයුතු හේතුවෙන් ඊයේ (අප්‍රේල් 7) වන විට සෙසු පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නොහැකි වූ බව කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන 339ක ඡන්ද විමසීම මැයි 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණි.

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

සිය නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවද වාර්තා වේ.

ReeCha