අවාසනාවන්ත ලෙස සතියක් තුළ දෙවන වරටත් සජිත් ප්‍රතික්ෂේප වෙයි.- මනුෂගේ එකට ගියාට කෝප වූ සජිත් කළ දේ.

Manusha Nanayakkara Sajith Premadasa Samagi Jana Balawegaya
By Wayomi Aug 23, 2024 08:02 AM GMT
Wayomi

Wayomi

Report

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ පැවති සාකච්චාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ එය වර්ජනය කිරීම නිසා විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට සූදානම් කර තිබුනා.

ඒ, අනුව මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ඇරයුම් කර ඇත.

ලියා පදිංචි විදේශරැකියා නියෝජිත ආයතන 267 කට ආරාධනා කර තිබුනද සාකච්චාව සඳහා පැමිණ තිබුනේ 30 කටත් අඩු පිරිසකි.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.


අවසන් මොහොතේ හෝ සාමාජිකයින් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට සජිත් ප්‍රේමදාස එම අවස්ථාවට පැමිණ ඇත්තේ රාත්‍රී 10.30 ට පමණය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි විසින් මෙම සාකච්චාවට විදේශ රැකියා නියොජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන ඇත.

කෙසේ වෙතත් ඊට සාකච්චාව අසාර්ථක වීම නිසා කෝපයට පත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලවතුවල මන්ත්‍රීවරයාට සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට බරපතල ලෙස දෝෂාරෝපණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.


නමුත් විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සජිත් ප්‍රේමදාසගේ සාකච්චාව වර්ජනය කර කම්කරු සහ විදේශ රැකියා පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර සහභාගීවූ සාකච්චාවකට සහභාගී වී ඇත.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ එම සාකච්චාව සදහා විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් 160 කට වඩා සහභාගී වී තිබෙනවා.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.


මීට දින හතරකට පෙර පසුගිය 18 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් කැඳවමින් කොළඹ සම්මේලන සහ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්චාව ද අවලංගු කරන්නට සිදුවිය.

එම සකච්චාව සඳහා 2000 කට ඇරයුම් කර තිබුනද ඊට පමිණ සිටියේ 18 දෙනෙකු පමණක් බව වාර්තා වෙනවා.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.

විශේෂ කැබිනට් අනුමැතියක් සමඟ පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක මෙන්න. - 6 ශ්‍රේණියේ සිට එය ලැබෙන්නේ මෙහෙමයි.