බිහිසුණු වෑන් රථ අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට, හතරක් ජීවිතක්ෂයට
By Kaushi
මීමුරේ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ බිහිසුණු අනතුරෙන් තවත් කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනූව එම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙසේ අනතුරෙන් මිය ගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
එසේම පොලීසිය ප්‍රකාශ කළේ අනතුරෙන් තුවාල ලැබූ අවුරුදු 5 ක දරුවෙක් සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති බවයි.
ඊයේ (19) දින හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබුණා.
අනතුරින් පුද්ගලයින් හත් දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බවත් ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වී තිබුණා.