දෙහි ගෙඩියක් රු. 50 - 60ට
By R.rishma
මේ දිනවල දෙහි කිලෝවක් රු. 3,000-3,500 අතර සිල්ලර මිලට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
එක් දෙහි ගෙඩියක් රු. 50-60ක මිලකට ලබාගැනීමට සිදුවන බවත්, තම ජීවිත කාලය තුළ මෙතරම් ඉහළ දෙහි මිලක් නොදුටූ බවත් ඔවුන් මවිතයෙන් ප්‍රකාශ කරති.
එළවළු වෙළෙන්දෝ සඳහන් කරන්නේ, මෙම මිල ඉහළ යෑම හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන් දෙහි පරිභෝජනයෙන් ඉවත්ව ඇති බවයි. දෙහි තොගවල හිඟකම සහ අවශ්‍ය ප්‍රමාණයට තොග නොලැබීම මිල ඉහළ යෑමට ප්‍රධාන හේතු බව වෙළෙන්දෝ පෙන්වා දෙති.