පාලන මිල ඉක්මවූ ජල බෝතල් විකිණීමට රු. ලක්ෂ 6ක දඩය
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොළොන්නාවේ ව්‍යාපාරික ආයතනයකට, පාලන මිල ඉක්මවා මිලිමීටර් 500ක පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට රුපියල් ලක්ෂ 6ක (රු. 600,000) දඩයක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය විසින් ගොනුකරන ලද මෙම නඩුවේදී, සැකකාර ආයතනය රු. 70ක පාලන මිලක් තිබියදී ජල බෝතලයක් රු. 90කට විකිණීම තුළින් වරදක් සිදුකළ බවට චෝදනා එල්ල විය.
ඊයේ (09) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ආයතනය අධිකරණය හමුවේ වරද පිළිගත්තේය. පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, මෙවැනි වරදක් සඳහා රු. ලක්ෂ 5 සිට රු. ලක්ෂ 50 දක්වා දඩයක් නියම කළ හැකි බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකාර ආයතනයට රු. ලක්ෂ 6ක දඩයක් නියම කළාය.

මාලිමාවේ ඇමතිලට හරියට වැරදෙනවා එක්කෙනෙක් 225ක් වැහුනලු අනිත් කෙනා පැනලා නොබෙල් කියන්න ගිහින් කෙළෝ ගත්තා - චාමර
