පොලිස්පතිගෙන් විශේෂ දැනුම්දීමක් - දැනටමත් පොලීසියේ 100ක් අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ඒවා තමාට සෘජුවම දැනුම්දෙන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා රටේ ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා මෙම අදහස් දැක්වූයේ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

සා.පෙළ විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට දින

"මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ අස්සක් මුල්ලක් නෑර මේ ජාවාරම්කාරයෝ පිරිලා ඉන්නවා. සෙසු රාජ්‍ය ආයතනවලත් හිටියා. පොලීසියෙත් හිටියා. පෙරේදාත් ග්‍රෑම් 700ක් එක්ක පොලීසියේ කෙනෙක් ගත්තා. පොලිස් නිලධාරියෙක් කියලා නීතිය අඩුවෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔවුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පොලිස් නිලධාරින් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ තවත් නිලධාරින් කොටසක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් කොටසක් මේ ව්‍යාපාරයෙත් ඉන්නවා. ඒත් එක්කම ඒවාට ඇබ්බැහි වෙලත් ඉන්නවා. පොලීසියේ යම් කොටසක් හිටියා. ඒ කොටස මත්ද්‍රව්‍ය පරීක්ෂණය කරලා සේවයෙන් පහකරන්න අවශ්‍ය කටයුතු කරනවා. පොලීසියේ අය කොච්චර අඩු වුණත්, අපි ඒ කාර්ය කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පොලීසියේ ඉන්න බැහැ. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෝ පොලිසියේ ඉන්න බැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක ඉන්න නිලධාරින් ඉන්නවා නම් ඒ තොරතුරු මට ලබා දෙන්න. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කොයි තරම් දුරට සම්බන්ධ වෙලා තියෙනවා ද කියන එක දන්නවා. වෙඩි තබාගැනීම්, සමාජයේ කොයි තරම් ප්‍රමාණයක් අවි සංසරණය වෙනවා ද.? මගේ ජංගම දුරකතනය පැය 24ම මහජනතාවට විවෘතයි."

සියලුම පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩලය පිළිබඳව තීරණයක්

සියලුම පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩලය පිළිබඳව තීරණයක්

ඉස්සරහට අලත් ගණන් වැඩි වෙයිද?

ඉස්සරහට අලත් ගණන් වැඩි වෙයිද?