නියමිත පාලන මිල ඉක්මවා වැඩි මිලට ගෑස් විකුණුවොත් වැඩ වරදී - වෙළඳුන්ට දැනුවත් කිරීමක්

Report

නෝර්වුඩ් නගරයේ නියමිත පාලන මිල ඉක්මවා වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි කළ වෙළෙඳ නියෝජිතයෙකුට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙම වැටලීම සිදු කර තිබුණේ නෝර්වුඩ් නගරයේ ගෑස් තොග සඟවාගෙන සිටිමින් පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කරන බවට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි.

ඒ අනුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන විමර්ශන නිලධාරී රවීන්ද්‍ර හදුහින්න ප්‍රකාශ කළේ අඳාළ වැටලීම සඳහා උපාය දූතයෙකු යොදවා කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් බවයි.

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

එහිදී අදාළ අලෙවි නියෝජිතයා විසින් නියමිත මිල ඉක්මවා රුපියල් 4000ක මුදලකට ගෑස් සිලින්ඩරය අලෙවි කර ඇත.

ඒ අනුව වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ වෙළෙඳසැලේ ගෑස් තොග පාරිභෝගිකයන්ට පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය නොකර, සූක්ෂ්ම ලෙස වෙනත් ස්ථානයක ගබඩා කර තිබූ බවද විමර්ශන නිලධාරීන් හෙළි කර ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ සඟවා තිබූ ගෑස් තොග වහාම ප්‍රදර්ශනය කර අලෙවි කරන මෙන් අඳාළ නියෝජිතයාට එහිදී විමර්ශකයින් උපදෙස් දී ඇත.

මේ අතර විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරන මෙවැනි වෙළෙඳුන්ට එරෙහිව ඉදිරියේදීත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

කොළඹ මහ නගර සභාවට වෙන්න යන දේ - මාර්තු 16 ට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවට දැනුම්දීමක්

හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්