දරු තිදෙනා අතැර සරසවි ඇඳුරාගේ බිරිඳත් මියයයි!
By Dilasha
මධ්‍යම අධිවේගයේ පසුගිය 18 වනදා සිදු වූ රිය අනතුරෙන් මියගිය කැළණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ඒකකයේ ප්‍රධාි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ගුණේන්ද්‍ර මහතාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (26) මිය ගිය බව පොලිසිය සඳහන් කර සිටියේය.
මේ අනුව එම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇති බවත් ආචාර්යවරයාගේ දරුවන් තිදෙනා ද මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
Trending News Now