අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුගේ පැටිකිරි - ඝාතන 10කට සම්බන්ධයි

Report

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ පිස්තෝලයෙන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවැනි වෙඩිකරු ලෙස සැක කෙරෙන චමත් ෂෙහාන් නමැති පාතාල කුලී ඝාතකයා මොනරාගල හුලංදාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඇතුළු තිදෙනෙකු 119 හදිසි ඇමතුමකට අනුව මොනරාගල පොලිසිය විසින් කළ වැටලීමකදී සොයාගෙන තිබේ. දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ පිස්තෝලෙන් වෙඩි තැබූ දෙවැනි කුලී ඝාතකයා බව අනාවරණය වී ඇත.

අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරුත් කොළඹට අරන් එයි

අකුරේගොඩ ඝාතනයේ දෙවන වෙඩික්කරුත් කොළඹට අරන් එයි

එසේම ඔහු 2019 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පැන ගොස්, කරන්දෙණිය සුද්දාගේ පාතාල කල්ලියේ කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඔහු දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන 10කට සම්බන්ධ බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අකුරේගොඩ ඝාතනයේදී පිස්තෝලෙන් වෙඩි තැබූ මෙම සැකකරු සහ ටී-56 අවියෙන් වෙඩි තැබූ ‘මහසොහොන් කලූ’ නමැත්තා මීට දින දෙකකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අනුව අකුරේගොඩ ද්විත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ කුලී ඝාතකයන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටිති.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල අලුත්ම තත්වය

සැකකරුවන් මොනරාගල පොලිසියෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති අතර, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන තීව්‍රව සිදුවෙමින් පවතී. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේද මෙම විමර්ශන කටයුතු ඉදිරියට යයි.

සැකකරු චමත් ෂෙහාන් පැය 72ක රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

මාකඳුරේ මධුෂ් මරණයේ අභිරහස දිගටම.. දේශපාලනඥයින්ගේ නමත් ගෑවෙයි

මාකඳුරේ මධුෂ් මරණයේ අභිරහස දිගටම.. දේශපාලනඥයින්ගේ නමත් ගෑවෙයි