මාකඳුරේ මධුෂ් මරණයේ අභිරහස දිගටම.. දේශපාලනඥයින්ගේ නමත් ගෑවෙයි

Report

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධ මාකඳුරේ මධුෂ් (සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත) පොලිස් භාරයේ සිටියදී වෙඩි තැබීමට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

2020 ඔක්තෝබර් 20 වැනිදා අලුයම මාලිගාවත්ත නේවාසික සංකීර්ණයේදී මධුෂ් සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 22ක් සොයා ගැනීමට යමින් සිටියදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සමඟ පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහුගේ හිසට වෙඩි වැදී මිය ගියේය. එකල කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන්ගෙන් එකෙකුට ද පාදයට තුවාල සිදුවිය.

මෙම ඝාතනය වසර 5කට වැඩි කාලයක් ගතව ඇතත් මාලිගාවත්ත පොලිසිය යටතේ සිදුකෙරෙන විමර්ශනවලදී කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් දැඩි අභිරහසක් හා සැකයක් පවතී. මධුෂ්ගේ පවුලේ සාමාජිකයන්, නීතිඥයින් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම විමර්ශන මාලිගාවත්ත පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට භාර දෙන ලෙසයි.

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

පසුගිය පෙබරවාරි මුල් සතියේ නීතිඥයින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාළ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මාකඳුරේ මධුෂ් "පාතාල ලෝකයේ පියා" ලෙස හැඳින්වුණු අයෙකු වන අතර, ඩුබායිහි රැඳී සිටියදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඝාතන සම්බන්ධයෙන් ක්‍රියා කළ බව කියැවේ. 2019 පෙබරවාරි 5 වැනිදා තම දියණියගේ උපන්දින සාදයකදී ඩුබායි තරු හෝටලයකදී ඔහු සහ ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අතර කන්චිපානි ඉම්රාන්, රොටඹ අමිල වැනි පාතාල නායකයින් හා බන්ධනාගාර නිලධාරීන් ද සිටියහ. බොහෝ දෙනෙකු එකම දේශපාලන පක්ෂයකට සම්බන්ධව ඩුබායි ගොස් තිබූ බව අනාවරණය විය.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට

ඉන්ටර්පෝල් රතු නිවේදනය හා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත්වීමෙන් පසු 2019 මැයි 5 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී. CID විසින් ඔහුව රැඳවුම් නියෝගයක් යටතේ මාස 18ක් ප්‍රශ්න කළ අතර, එකල ඔහු සමඟ සම්බන්ධ දේශපාලනඥයින් 80 දෙනෙකු පමණ පිළිබඳ තොරතුරු නිකුත් විය.

මධුෂ්ගේ මරණය පිළිබඳ අභිරහස දිගටම පවතින අතර, ඔහුගේ මරණයෙන් පසු ඔහු හෙළි කළ දේශපාලන සම්බන්ධතා හා මත්ද්‍රව්‍ය ජාලයන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට "විශාල කරදරයක්" ඇති වූ බවට චෝදනා එල්ල වී තිබේ.

හිටිහැටියේම විපක්ෂයේ ලොක්කෝ රනිල් හමුවෙයි - මොකක්ද වෙන්න යන්නේ?

හිටිහැටියේම විපක්ෂයේ ලොක්කෝ රනිල් හමුවෙයි - මොකක්ද වෙන්න යන්නේ?

ජනතාව අනතුරේ - පොලිස් වෙසින් එන මාරකයක් - වහාම මේ අංකයට අමතන්න

ජනතාව අනතුරේ - පොලිස් වෙසින් එන මාරකයක් - වහාම මේ අංකයට අමතන්න