අනතුරු ඇඟවීම තද වෙයි.. ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙමින් ත්‍රිකුණාමලය-යාපනය හරහා එනවා

By Shehan Jan 10, 2026 02:56 AM GMT
Report

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දිශාවෙන් පිහිටා තිබුණි.

මෙය වයඹ දිශාවට ගමන් කරමින් අද අලුයම 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින්, දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

දිවයිනේ උතුරු අර්ධය අහස වලාකුළින් බරව පවතී. උතුරු පළාත, පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් ඇත. කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. සෙසු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉතා තද සුළං සමඟ පැයට කිලෝමීටර් 70 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. වයඹ පළාතේ මෙන්ම මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

අද ඔබේ මොළය ගිනි ගන්නවා! සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන්ට දැඩි කල්පනා කරන්න තිබෙන දවසයි

අද ඔබේ මොළය ගිනි ගන්නවා! සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, මීන ලග්න හිමියන්ට දැඩි කල්පනා කරන්න තිබෙන දවසයි