ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්
ලංකා IOC පීඑල්සී විසින් 2026 මාර්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සඳහා සංශෝධිත අලෙවි නියෝජිත කොමිස් මුදල ප්‍රකාශයට පත් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC පැවසුවේ සමාගම සතු පිරවුම්හල් සහ ෆ්‍රැන්චයිස් හිමි පිරවුම්හල් සඳහා සංශෝධිත අනුපාත නිසි අධිකාරිය විසින් අනුමත කර ඇති බවයි.
ඒ අනුව, සමාගම සතු පිරවුම්හල්වලට සිල්ලර විකුණුම් මිලෙන් 2.75% ක කොමිස් මුදලක් ලැබෙන අතර, ෆ්‍රැන්චයිස් හිමි පිරවුම්හල්වලට සිල්ලර විකුණුම් මිලෙන් 3.00% ක කොමිස් මුදලක් ලබා දෙන බව ලංකා IOC පීඑල්සී ප්‍රකාශ කළේය.
මාර්තු 1 වන දින සිට මාස හයක් සඳහා අලෙවි නියෝජිත කොමිස් මුදල ස්ථාවරව පවතින අතර එය පවතින වෙළඳපල තත්ත්වයන් සහ සමාගම් ප්‍රතිපත්තිය මත පදනම්ව සමාලෝචනය කරනු ලබන බව සමාගම සඳහන් කළේය.
මාස හයක කාලයක් තුළ සිල්ලර විකුණුම් මිල ඉහළ යාමක් සිදුවුවහොත්, අලෙවි නියෝජිත කොමිස් මුදල සුදුසු පරිදි සංශෝධනය කරනු ලබන බව ලංකා IOC වැඩිදුරටත් පැවසීය.