රතු නිවේදන යටතේ දිස්ත්‍රික්ක 3ක් - දිස්ත්‍රික්ක 3ක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කරයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (21) පස්වරුවේ නිකුත් කළ නායයෑම් රතු නිවේදනය හමුවේ දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර බඹර බැද්ද ප්‍රදේශයේ පවුල් 40ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිල් කන්ද ප්‍රදේශයේ පවුල් 02ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් 05ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවය.
මීට අමතරව, අධික වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මාර්ග දෙකක් අවහිර වී ඇති බවත් ඔහු සඳහන් කළේය. ගල් පෙරලීම් හේතුවෙන් ගුහාගොඩ හල්ඔළුව හරහා පේරාදෙණිය මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර, මුරුතලාව ගන්නෝරුව මාර්ගය ද ගල් පෙරලීම් නිසා වසා දැමීමට පියවර ගෙන තිබේ.
එම මාර්ග භාවිතා කරන රියදුරන් මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත්, නායයෑම් හෝ ගල් පෙරලීම් ලකුණු සඳහා සැලකිලිමත් වන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මහනුවර, කෑගල්ල, මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු (Level 3 - Evacuate) නිවේදන නිකුත් කර ඇති අතර, ජනතාව ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර තිබේ.