තත්ත්වය බරපතළයි - අද දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Report

දිස්ත්‍රික්ක 8කට අද (20) රාත්‍රි 9 දක්වා බලපැවැත්වෙන ආකාරයට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

අඳාළ නිවේදනයෙන් මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට මෙසේ අදියර දෙක යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, අරණායක සහ දෙහිඔවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට බලපැවැත්වෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඉදිරි පැය 36ක කාලය තුළ මේ පැතිවලට සැළකිය යුතු ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 36ක කාලය තුළ මේ පැතිවලට සැළකිය යුතු ගංවතුර තත්ත්වයක්

එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙලුව සහ ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට, උඩපළාත, දොළුව, පහතදුම්බර, පහතහේවා හැට සහ ගග ඉහළකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවලට ද අදියර එක යටතේ වන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙම නායයෑම් අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, වරකාපොළ සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, අලව්ව, රිදීගම සහ මල්ලවපිටිය, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාවුල, අඹන්ගගකෝරයළය සහ රත්තොට, යන ප්‍රදේශවලට ද නිකුත් කර ඇත.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, නෝවුඩ් සහ හගුරන්කෙත මෙන්ම රත්නපුර දිස්ත්‍රික්යේ කලවාන, ඉඹුල්පේ, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ද අද රාත්‍රී 9 වන තෙක් බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි