ඉදිරි පැය 36ක කාලය තුළ මේ පැතිවලට සැළකිය යුතු ගංවතුර තත්ත්වයක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීම් මහ ද්‍රෝණියේ සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කරන බවයි.

ඒ අනුව අනතුරු අඟවා ඇත්තේ මේ වන විට මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධාරා ප්‍රදේශයන්වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟාවල ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි.

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

අද මුළු ලංකාවෙම තත්ත්වේ මේකයි - විශේෂ නිවේදනයක්

එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය නිසා දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතින බවයි.

තවද මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්ත්පරයට ඝණ අඩි 16,250ක් තරම් ශීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවත් සඳහන්.

ඒ අනුව එම ජලාශයට ලැබෙන ජල ධාරිතාවය මත ඉදිරියේදී මෙම තත්ත්වය වැඩි විය හැකි බවත් මේ නිසා දැදුරු ඔය ආශ්‍රිතව පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දක්වයි.

එනිසා එම ජලාශ ආශ්‍රිතව පහළ නිම්නයන් හී පදිංචිකරුවන් මෙන්ම ඉහත දක්වා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත පදිංචිකරුවන් මෙන්ම එම ප්‍රවේශ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.  

ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තීරණාත්මකයි - විශේෂ අනතුරු ඇඟවීමක්

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි