කුමාර වෙල්ගම මහතාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට..
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොට්ටාව ප්‍රදේශයේ දී ඊයේ(26) දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය 9 වනදා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පහරකෑමට ලක්වූ අතර ඔහු ගමන් ගත් ජීප් රථයට ද ගිනි තබා තිබුණා.
එම සිද්ධියෙන් පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයාගේ හිසට සහ වම් අතට තුවාල සිදුවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |