කොටහේනේ ඝාතනයේ වෙඩික්කරු බඩුත් එක්කම අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසය කොටහේන ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ සැකකරුව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඉකුත් නොවැම්බර් මස 7 වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණා.
අඳාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූණා.
ඒ අනුව එම විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (19) දින හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම එහිදී සැකකරුව සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.
ඔහු වයස අවුරුදු 39ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.
මේ අතර සැකකරුව පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්.