සතුටු සිනා මැද, අනුර කුමාර අලුත් ආණ්ඩුව පටන් ගත්තා විතරයි.. දෙයියනේ.. කොරියාවෙන් ආ සුබ ආරංචිය මෙන්න..
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
South Korea
Latest Headlines
Decision Making
By krishani
වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබෙනවා.
අද (27) කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර ඇත.
ශ්‍රී ලංකා රජය ගෙන යන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමට ද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබෙන බව සඳහන් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳව අවධානය යොමුකරන බව ද එම ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ සඳහන් කර තිබෙනවා.