කීරි සම්බා වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් සොයා අඛණ්ඩ වැටලීම්
By Gagana News
වෙළෙදපොළේ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව ඊට සම්බන්ධ වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වැඩිමිලට වෙළෙදපොළේ අත්‍යවශ්‍ය ආහාර අලෙවිකිරීමේ වැටලීම් 3177ක් සිදු කර ඇති අතර ඊට අදාලව රුලියල් මිලියන 46 ක දඩ මුදලක් අයකර ගෙන ඇති බව ද ඔවුන් සඳහන් කළේය.
ඒ අතරින් වැඩිමිලට සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.