ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවත්, මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පැනනගිමින් ඇති තත්වය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවයි.
අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.