එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළඳා ප්‍රදර්ශනයක්

By Gagana News Feb 23, 2025 11:07 AM GMT
Report

සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙතගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මේ පිළිබඳ සාකච්ඡා කළ බවත් එහිදී, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් තවදුරටත් ඔහු සඳහන් කළේය.  

GalleryGalleryGalleryGallery