ලක්ෂ 11ක දඩයක් නියම වෙන්න වනිදු මොකක්ද මේ කරල තියෙන්නෙ ...

Cricket Sri Lanka Wanindu Hasaranga Sports LPL 2024
By Piyumika Jul 08, 2024 03:10 AM GMT
Piyumika

Piyumika

Report

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා 20/20 සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් නියම කිරීමට LPL තරග කමිටුව තීරණය කර ඇත .

එහිදී මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි නියෝග කොට තිබේ .

ජනාධිපතිවරණය තියනවද? නැද්ද? ..

ජනාධිපතිවරණය තියනවද? නැද්ද? ..

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම්, උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් සහිත ‘හෙල්මට්’ එකක් පැලඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ ඇති අතර එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුවී තිබෙනවා.

කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලට අනුව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් වනිඳුට එරෙහි දඬුවම කැන්ඩි කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දී ඇත.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස අසලින් රිවෝල්වරයක් හා උණ්ඩ තුනක්..

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස අසලින් රිවෝල්වරයක් හා උණ්ඩ තුනක්..

මෙම සිදුවීම හේතුවෙන් LPL තරගාවලියේ සියලු ක්‍රීඩකයන් වෙත තරග කමිටුව දැනුම්දී ඇත්තේ කිසිදු අයුරකින් තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමෙන් වලකින ලෙසය.

එමෙන්ම තරග අවසානයේ පැවැත්වෙන තෑගි ප්‍රදානෝත්සවයට නිසි පරිදි සම්පූර්ණ ක්‍රීඩක ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බවටද ක්‍රීඩකයින්ට නියෝග කොට තිබේ .

ඒ වනිඳු හසරංග තරග අවසානයේ පැවති තෑගි ප්‍රදානෝත්සවයකට ‘සෙරෙප්පු දෙකක්’ දමාගෙන පැමිණීම ද තරග කමිටුවේ අවධානයට යොමු වීම හේතුවෙනි .