ජනාධිපතිවරණය තියනවද? නැද්ද? ..

Sri Lanka Supreme Court of Sri Lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Jul 08, 2024 02:42 AM GMT
Piyumika

Piyumika

Report

ජනපති ධූර කාලය අවුරුද 05 ක්ද? 06 ක්ද? යන ගැටලුව තෙක්, ජනපතිවරණය පැවැත්වීම වලක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති පෙත්සම අද සලකා බැලීමට නියමිතය .

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් දෙනතුරු මැතිවරණ කොමිසමට, ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද(08) සලකා බැලීමට නියමිත වේ.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස අසලින් රිවෝල්වරයක් හා උණ්ඩ තුනක්..

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස අසලින් රිවෝල්වරයක් හා උණ්ඩ තුනක්..

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීතී පද්මන් සුරසේන සහ එස්. තුරේරාජා මහත්වරුන් පත් කර තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථ කථනය කරන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරික චමින්ද්‍ර දයාන් ලේනව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කළේ ය.

පුද්ගලයෙක් පැහැර ගත් හොරපොලිස් මාට්ටු ..

පුද්ගලයෙක් පැහැර ගත් හොරපොලිස් මාට්ටු ..

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය දැක්වෙන 30 දෙක වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 හය වන ව්‍යවස්ථාවට අනුව නියමිත ආකාරයට සංශෝධනයවී නොමැති බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පෙත්සම් විභාගය අවසන්වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සාමාජිකයින් හා කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් ලෙස සලකා ඉදිරි ජනාධිපතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.