හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස අසලින් රිවෝල්වරයක් හා උණ්ඩ තුනක්..

Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department Deshabandu Tennakoon
By Piyumika Jul 08, 2024 01:28 AM GMT
Piyumika

Piyumika

Report

බන්ධනාගාරගතව සිට දින අනූවක රැඳවුම් නියෝගයකට පොලිස් භාරයට ගත් පාතාල නායක රත්ගම විදුරගේ මස්සිනා වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නිවස අසල සඟවා තිබූ රිවෝල්වරයක් හා උණ්ඩ තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයාගැනීමට හැකි වී ඇත.

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ලබාදුන් නියෝග මත මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනිණි. ඒ දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට මුදල් දෙමින් පැවැත්වූ සබඳතා ගැන සෙවීමටය.

රැකියා ස්ථානයේ පිළිගැනීමක් ලැබෙන අද දවසේ - මුදල් වාසි ගෙනෙන ලග්න මෙන්න.

රැකියා ස්ථානයේ පිළිගැනීමක් ලැබෙන අද දවසේ - මුදල් වාසි ගෙනෙන ලග්න මෙන්න.

දුලාජ් නමැති මෙම සැකකරු ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් මගින් වෙඩි තැබූ සිද්ධියකින් දිවි බේරාගෙන පසුගිය මාසයේදී ලංකාවට පැමිණ ඇති බව හෙළිවී තිබේ.

පොසොන් දන්සැලක ආරක්ෂාව නිරීක්ෂණයට පැමිණි පොලිස් ජීප්රථයක නිලධාරීන්ට අයිස්ක්‍රීම් නොදෙන්නැයි කියමින් පරුෂ වචනයෙන් බැණවැදීමේ සිද්ධියක් මුල්කරගෙන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් හෙරොයින් මිලිග්‍රෑම් 1500 ක් සමග මොහුව අත්අඩංගුවට ගත්තේය.

නාදුනන මළසිරුරක් වැවකින් හමුවේ..

නාදුනන මළසිරුරක් වැවකින් හමුවේ..

මොහු සිටි හෝටලයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක්ද එහි සිටි බවට හෙළිවී ඇත. දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට මුදල් දැමූ බවට ද සාක්ෂි සැකකරුගේ දුරකථනයේ තිබී ඇත. තවත් පොලිසියේ ගණනක් ගැනද එහි සටහන්ව තිබූ බව සදහන් වේ.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර ගත කිරීමෙන් පසු පොලිස්පති නියෝගයෙන් යළිත් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන අරඹා තිබේ.

මෙම විමර්ශනය අතරේ ඔහු සමග සබඳතා පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාත් මාරුකර යවා ඇත .

නිලාවේලී මුහුදේ නාන්න ගිය 6කගේ දිවි අනු නවයෙන් බේරා ගත් මෙහෙයුම ..

නිලාවේලී මුහුදේ නාන්න ගිය 6කගේ දිවි අනු නවයෙන් බේරා ගත් මෙහෙයුම ..

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය යටතේ වැඩිදුර විමර්ශන අරඹා තිබේ.