කමිඳු මෙන්ඩිස් 200 ගහන්න කලින් තරඟය නතර කළ හේතුව ධනංජය කියයි.ධනංජන හිතලම කරපු දෙයක් ලු.

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team Dhananjaya de Silva Kamindu Mendis
By Aruna Sep 30, 2024 05:34 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා - නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගාවලියේ විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් ගත් තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

මුල් ඉනිමේ ලකුණු 602කට තරගය අත්හිටුවීමට තීරණය කළ අවස්ථාවේ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබා ගෙන සිටියේ ය.

ඔහු ඒ වන විට ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කිරීම සඳහා වූ ලෝක වාර්තාව වෙත ගමන් කරමින් සිටීමද විශේෂත්වයක්.

ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි පාර්ලිමේන්තුවට තරඟ කරන්න සූදානම් වෙයි..ඉදිරිපත් වන පැත්ත ගැන් ඉඟියක්.

ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි පාර්ලිමේන්තුවට තරඟ කරන්න සූදානම් වෙයි..ඉදිරිපත් වන පැත්ත ගැන් ඉඟියක්.


දිවා ආහාරයෙන් පැයකට පසු තරගය අත්හිටුවා නවසීලන්ත කණ්ඩායමට අවස්ථාව ලබා දීමට කලින් සැලසුම් කර තිබුන ද තරගය දිගටම ඇදී ගොස් කුසල් මෙන්ඩිස් ශතකය ලබාගත් පසුව තරගය අත් හිටුවනු ලැබී ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් කණ්ඩායම් නායක ධනංජය සඳහන් කළේ මෙවන් අදහසක්,

"කමිඳුගේ 200ට වැඩිය මම බැලුවේ කුසල් මෙන්ඩිස්ගේ 100 ගහනකන් ඉන්න.

මොකද එයා සෑහෙන්න කාලයකින් 100 ගහලා තිබ්බේ නෑ. එයාගේ 100ට යනකන් ඉදලා, කමිඳුගේ තව රෙකෝඩ් එකක් තිබ්බා ඒකටත් යනක්න ඉදලා තමයි තරගය අත්හිටුවූවේ.

ඉතිං මං හිතනවා ඒ වේලාවේ ගන්න පුළුවන් හොඳ තීරණය ඒක තමයි. පසුතැවෙන්නේ නෑ ඒ තීරණය ගැන."

ඒ අවස්ථාවේ කමිඳු මෙන්ඩිස් වෙනුවෙට දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජලෝ මැතිව්ස් රැඳී සිටියා නම් එම තීරණයේ වෙනසක් වෙනවා දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට ධනංජය පැවසුවේ මෙසේ ය,

තමන්ගේ තීරණයේ වෙනස් සිදු නොවන බවයි. " මම මුලින්ම කණ්ඩායම ගැන තමයි හිතන්නේ. මොකද කමිදුට යන්න පුලුවන් රෙකෝඩ් එකක් තිබ්බා.

ඒකට යනකන් ඉදලා තමයි මම තරගය අත්හිටවූවේ. මම හිතනවා එයාගෙනුත් මට අමනාපකමක් තිබ්බේ නෑ. ඉතිං මම හිතනවා ඒ වේලාවේ ගත්ත තීරණය හරි කියලා."

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශනය පිළිතුරු දෙමින් කමිඳු මෙන්ඩිස් සඳහන් කළේ මෙවන් අදහසක්,

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..

පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?..නව ජනපති අනුර ඉන්ධන බද්ධ කපා මිල විශාල ගණනකින් අඩු කරයි?..


"ලන්ච් එකෙන් පස්සෙත් අපේ ප්ලෑන් එක තිබ්බේ පොඩි වෙලාවක් ගහලා දෙනවා කියලා. මං ටීම් එක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරනවා.

මම හිතනවා ඒ තීරණය හරි වේලාවේ දී ගත්තේ. මොකද අපි හවස ඇත්තටම විකට් 2ක් ගත්තා.

මොකද හැමෝම දන්නවා ගාල්ලේ අන්තිම පැයේ බැට් කරන ටීම් එකට සෑහෙන්න අමාරුයි බැට් කරන්න.

ඉතිං මම හිතන්නේ ඒ වේලාවේ ගත්ත තීරණය නිසා තමයි මම හිතන්නේ ඊයේ උදෙත් අපිට ඒ කට්ටියව ඕල් අවුට් කර ගන්න පුළුවන් වුණේ ඉක්මනට. මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ."

ReeCha