තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID
රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට මිනිත්තු 20කට පමණ පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් කළ රථයේ අනුර විදානගමගේ (කජ්ජා) සිටි බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තහවුරු කර ඇත.
2012 මැයි 17 වැනිදා කොළඹ ශාලිකා පිටිය අසල සිදුවූ තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වසර 13කට ආසන්න විමර්ශනවලදී තවමත් ඝාතකයා නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වී ඇතත්, මෑතකදී මිද්දෙණියේදී ඝාතනය වූ කජ්ජාගේ බිරිඳගේ ප්‍රකාශය මගින් නව තොරතුරු මතුවී තිබේ. මෙම තොරතුරු CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු තහවුරු වූ බව CID සඳහන් කළේය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ රූපරාමුවල සිටින පුද්ගලයා කජ්ජා නැමැත්තා බවට තහවුරු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා
