අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.

Sri Lankan Schools Education School Incident Latest Headlines Teachers
By krishani Jul 07, 2024 02:35 PM GMT
krishani

krishani

Report

ලබන 9 වන අඟහරුවාදා දිනයේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?. | Teacher Principal Strike 09Th July 2024

ඒ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ය.

මේ අතර, රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. ආරක්ෂිත ස්ථානවලට වහා යන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. ආරක්ෂිත ස්ථානවලට වහා යන්න..


මේ සම්බන්ධයෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ලබාදී ඇති රුපියල් 25,000ක දීමනා ඉහළ නැංවීම සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ය.

එයට, ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක් වේ.

ඒ බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ ය.

මේ අතර, හෙට සහ අනිද්දා පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එක් නොවීමට රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය තීරණය කර ඇත.

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එම සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු වෘත්තීය සමිතියක් මෙම වැඩ වර්ජනය සඳහා සහාය නොදක්වනු ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම වැඩ වර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.