88-89 භීෂණ යුගය 2022 දී වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් නැවත පෙන්නු හැටි.

A D Susil Premajayantha Bandula Gunawardane Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Sep 02, 2024 05:12 AM GMT
Wayomi

Wayomi

Report

“පුළුවන් ශ්‍රී ලංකා” දේශපාලන වේදිකාව රට බේරා ගැනීමේ වේදිකාව බවත්, එම වේදිකාවෙන් පිට සිටින්නේ ජනතාව මිය ගියත් දේශපාලන වාසි ලබාගත යුතු බව සිතු දේශපාලනඥයන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම එය වැරදිනම් දේශපාලන වේදිකාවේදී තමාට පිළිතුරු ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විවෘත අභියෝගයක් ද සිදු කළා.

ඔහු මේ බව කියා සිටියේ,නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පසුගිය (28) පැවති "පුළුවන් ශ්‍රී ලංකා" විජයග්‍රාහී මහජන රැලියට එක්වෙමින්.

බස් ගාස්තු ගැන ගන්න යන විශේෂ තීරණය මෙන්න.

බස් ගාස්තු ගැන ගන්න යන විශේෂ තීරණය මෙන්න.


එහිදී ජනපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, එදා ජනතාව පිළිබඳ නොසිතු සහ විසඳුමක් නොතිබු නායකයන් අද තමාව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කෙසේදැයි, මෙහිදී ප්‍රශ්න කළ ජනාධිපතිවරයා නැවතත් රටේ මෙවන් අසීරුතාවයක් ඇති වූවහොත් සජිත් සහ අනුර පළා යනු ඇති බව ද පැවසුවා.

එබැවින් තමන් කරදරේ වැටුණු අවස්ථාවේ තමා සමඟ සිටි නායකයෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරයට ලබා දෙන ඡන්දය මුළුතැන් ගෙට ලබා දෙන ඡන්දයක් මෙන්ම රටේ සහ දරුවන්ගේ අනාගතය තීරණය කරන ඡන්දය බවද අවධාරණය කළා.

ලෝක යුද්දයක් ඇති කරවන අනුරගේ Huawei සමාගම iPad නිෂ්පාදනයේ ආන්දෝලනාත්මක කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න. - (VIDEO)

ලෝක යුද්දයක් ඇති කරවන අනුරගේ Huawei සමාගම iPad නිෂ්පාදනයේ ආන්දෝලනාත්මක කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න. - (VIDEO)


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"රටේ ආර්ථිකය කඩා වැටෙන විට අප දේශපාලන නායකයන් ලෙස වේදිකාවේ විවේචනය කරනමින් සිටිනවාද, නැත්නම් සියලුදෙනා එක්ව විසඳුමක් සොයනවාද කියා මම අහන්න කැමතියි.

ආහාර ටික සකස් කර ගන්න ගෑස් නොතිබු අවස්ථාවේ, ඉන්ධන නොතිබු අවස්ථාවේ කුමන පක්ෂයකට අයත් වුවද තම හිතවතුන් බෙහෙත් නැතිව මිය යද්දි අප සිදු කළ යුත්තේ එක්ව විසඳුමක් සෙවීමද, නැන්තනම් තවමත් වාද විවාද කරමින් සිටිමද කියා මම අහනවා.

අප එකට එක් වුණා කියා විපක්ෂය අපව විවේචනය කරනවා. නමුත් මේ විවේචනය කරන අය මොනවද කළේ, ඔවුන් රටේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නද, ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළාද? නැහැ, ඔවුන් වගකීම භාරදුන් විට පැනලා දිව්වා. නමුත් මට වගකීම භාර දුන් විට මම තනි මන්ත්‍රීවරයෙක් නිසා මා සමඟ එක්වන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියා. මේ වෙදිකාවේ සිටින අයටත්, සජිත් ප්‍රේමදාසටත්, අනුර දිසානායකටත් මම ඒ ආරාධනය සිදු කළා.

2025 පාසල් සහ රජයේ නිවාඩු ලැයිස්තුව මෙන්න.

2025 පාසල් සහ රජයේ නිවාඩු ලැයිස්තුව මෙන්න.


අද මේ වේදිකාවේ සිටින්නේ මා සමඟ එක් වූ පිරිසයි. වේදිකාවෙන් පිට සිටින්නේ ජනතාව මැරුණත් කමක් නැහැ, අපේ දේශපාලන වාසිය ගත යුතුයි කියා සිතු පාර්ශවයයි. එය වැරදි නම් මේ වේදිකාවට පැමිණ පිළිතුරු ලබා දෙන ලෙස මා පවසනවා.

එදා ජනතාව පිළිබඳ නොසිතු, විසදුමක් නොතිබු නායකයන් මාව රටේ ජනාධිපති කරන්න කියලා අද ජනතාව හමුවේ කියන්නේ කොහොමද, නැවතත් රටේ මෙවන් කරදරයක් ඇති වුවහොත් ඔවුන් කෙළින්ම කටුනායකට දුවලා රට අත හැරලා යයි. එතකොට අපි මොකක්ද කරන්නේ. ඒ නිසා තමන් කරදරේ වැටුණු අවස්ථාවේ තමන් සමග සිටින නායකයෙක් ඔබ තෝරා ගත යුතුයි. නැවතත් රටේ අසීරු කාලයක් පැමිණයහොත් සජිත් හෝ අනුර ජනතාව සමඟ ඉන්නේ නැහැ.

ඒ නිසා ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ළඟ නොසිටි නායකයන් දැන් පැමිණ පොත් කියවා ඵලක් නැහැ කියලා මම කියන්න කැමතියි.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.


බඩු මිල අඩු කරනවා, බදු සහන ලබා දෙනවා කියලා ඔවුන් අද වේදිකාවල ජනතාවට විවිධ පොරොන්දු දෙනවා. මේ මුදල් සොයන්නේ කෙසේද කියා ඔවුන් රටට ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා ඔබ ගැස් සිලින්ඩරයට ලබාදෙන ඡන්දය මා වෙනුවෙන් ලබාදෙන ඡන්දයක් නොවෙයි. මෙම ඡන්දය ඔබේ කුස්සියට ලබාදෙන ඡන්දයක්. මෙය මගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් නොවෙයි, මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීමට සහ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා."

මෙහිදී අමාත්‍ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත දැක්වූ අදහස්,

"මීට වසර දෙකහමාරකට පෙර මන්ත්‍රීවරයෙක් ගෑස් කඩයක්, ඉන්ධන පිරවුම්හලක් අසලින් යාමටත් බයවුණා. එදා කැබිනට් මණ්ඩලය රැස්වුණේ ස්ලිඩා ආයතනයේ ශ්‍රවණාගාරයේයි. එසේ හෝ රැස්ව ගනු ලැබූ තීන්දු තීරණ නිසා අද වන විට රට ආර්ථික වශයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. පසුගිය අවුරුදුවල විවිධ පක්ෂ වල හිටපු සියලු දෙනා අද මේ කඳවුරට ඇවිත් තිබෙනවා. ආර්ථිකය ගොඩගැනීමට මේ සියලු දෙනා පාට පක්ෂ බේදයකින් තොරව එකම වේදිකාවකට පැමිණ තිබෙනවා.

පසුගිය මැයි මාසයේ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ විෂමතා ඉවත් කරන්න කමිටුවක්වත් කළා. එම කමිටු වාර්තාව අනුව රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 55,000ක් වෙනවා. රාජ්‍ය සේවකයාට 35%කින් වැටුප් වැඩිවෙනවා. ඒ සියල්ල සිදු කළේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්නා අතරතුරයි. මහ භාණ්ඩාගාරය , ශ්‍රී ලංකා මහා බැංකුව සියල්ල සමඟ සාකච්ඡා කර ආර්ථිකය පිළිබඳ සෑම තීන්දුවක්ම ගත්තා. ජනප්‍රිය නොවුනත් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.''

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)

"හරි හරි ඔහොම ඉන්න" - කතාවක් අස්සේ ප්‍රේක්ෂකයෙක් ඇසූ IMF ප්‍රශ්නයෙන් අනුර හිර වූ හැටි. - (VIDEO)


88-89 භීෂණ යුගය 2022 දී වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් නැවත පෙන්නුවා. ගෙවල් ගිනි තිබ්බා මන්ත්‍රීවරු මහ මග මරා දැම්මා. මේ සියල්ල සිදු කරලා අද ජනාධිපති කම ඉල්ලමින් තිබෙනවා . ජනතාව ඔවුන්ට රැවටෙන්නේ නැහැ."

මෙහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන දැක්වූ අදහස්,

"ජනාධිපතිවරණයේදී ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ,එය නීතියක් බවට පත් කර, ජනාධිපති සටනට ඉදිරිපත් වන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මත තමයි, අද රට ආර්ථික වශයෙන් හිස එසවීමට කටයුතු කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම ජාත්‍යන්තරය පිළිනොගන්නා වකවානුවේදී ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ආර්ථිකය ගොඩ ගන්නා ගමන් අස්වැසුම, උරුමය සහ සහල් සහනාධාර ලබා දීමට ද ජනාධිපතිතුමා කටයුතු කලා. ඒ වගේම මුදල් මුද්‍රණය කිරීම නවතා දැමීම, ණය කළමනාකරණය කිරීම මේ වන විටත් සිදු කර තිබෙනවා. ආර්ථික පරිවර්තන නීතිය ගෙන විත් තිබෙනවා. මේ සියලු දේ සිදු කළේ ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය කිරීමේ කොටස්කරුවකු වීමට ඔබ සියලු දෙනා කැපවන්න."

මෙහිදී අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්රේමනාත් .සී.දොළවත්ත දැක්වූ අදහස්,

"වසර දෙකක් දුක් විඳ ආර්ථිකය අගාධයෙන් එළියට ගත්තා විතරයි. මේ ආර්ථික තත්ත්වයෙන් නැවත ආගධයට යනවද නැද්ද කියන කාරණය එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා තීරණය වෙනවා. ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කියන සමගි ජන සංධානය එදා අර්බුදය හමුවේ රට බේරා ගන්නට ඉදිරියට ආවේ නෑ.

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන්න බැරි දේවල් කියන්නෙ නැහැ. බොරු සුරංගනා පොරොන්දු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලබාදී නැහැ. රට ආර්ථික වශයෙන් ගොඩනැඟුණු නිසා වැටුප් විෂමතා පිළිබඳ කමිටුව 2025 වසරේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25,000කින් වැඩි කිරීමට හැකි වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ගැන ජනාධිපති වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාසටත්, අනුර දිසානායකටත් අභියෝග කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රසිද්ධ ලිපියක් එවලා ඔහුට තනියම ඉදිරිපත් වෙන්න බෑ කියලා. අනුර දිසානායක නම් ලියුමක්වත් ඒවා නැහැ. ජාත්‍යන්තරයක් සමඟ තනිව කතා කළ හැකි ලංකාවේ සිටින එකම ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. ඒ නිසා තනියම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය හැකි ජාතික නායකයා නියත ජනාධිපති කරමු."

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.