උද්ධමනය ඉහළ ගිහින් තියන වෙලාවක ජනාධිපතිවරයෙක් අයිස් ගහපු හැටි හෙළි වේ..

Joe Biden United States of America World
By Piyumika Sep 09, 2024 05:27 AM GMT
Piyumika

Piyumika

Report

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර 4 ක ධුර කාලයෙන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් එය ඇමෙරිකානු සාමාන්‍ය කාර්යාල සේවකයකු වසර 48 කදී ලබා ගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන ‌බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළිවී ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කළේය.

පරිස්සමින් ඔන්න ලගටම ඇවිත්..

පරිස්සමින් ඔන්න ලගටම ඇවිත්..

ඇමෙරිකාවේ කාර්යාල සේවකයකුට වසරකට ලැබෙන්නේ සාමාන්‍ය නිවාඩු දින 11 ක් බවත් ඒ අනුව ඇමෙරිකානු කාර්යාල සේවකයකුට වසර 50 ක කාලයක් සඳහා ලැබෙන සාමාන්‍ය නිවාඩු දින ගණන ජනාධිපති බයිඩන් වසර 4 ක ධුර කාලය තුළදී භුක්ති විඳ ඇති බවත් නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත සඳහන් කළේය.

81 වියැති ජනපති බයිඩන් දින 1326 ක ධුර කාලයෙන් දින 532 ක් විවේකීව කාලය ගතකර ඇති බවත් ඒ අනුව ඔහුගේ ධුර කාලයෙන් සියයට 40 ක් ඔහු නිවාඩු ගෙන ඇති බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයේ සඳහන් වන බව නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත පෙන්වා දුන්නේය.

හැදුනුම්පතක් නැහැ කියල බයවෙලාද හිටියේ එහෙනම් දැන්ම මෙන්න මෙහෙට යන්න..

හැදුනුම්පතක් නැහැ කියල බයවෙලාද හිටියේ එහෙනම් දැන්ම මෙන්න මෙහෙට යන්න..

ගෝලීය අවිනිශ්චිතතාවයන් බහුල කාලයක සහ ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ ගොස් බඩු මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමක තිබෙන මොහොතක මේසා නිවාඩු දින ගණනක් රටේ ජනාධිපතිවරයා ලෙස ලබාගෙන තිබීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවට රිපබිලිකන් ජාතික කමිටුව කළ අනාවරණයත් සමඟ මේ වන විට විවේචන රාශියක් එල්ල වී ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය.

ජනපති බයිඩන් ඊයේ (07) ඩෙලවෙයාර් ප්‍රාන්තයේ රෙහොබොත් වෙරළේ විවේකීව ගතකළ නිවාඩුව ඔහු එකදිගට ලබා ගත් 16 වැනි නිවාඩුව බවද රිපබිලිකන් ජාතික කමිටුව අනාවරණය කර ඇතැයි නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට..

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1222 කට අධික තොගයක් නීතියේ රැහැනට..

ජනපති බයිඩන් ඊයේ (07) ඩෙලවෙයාර් ප්‍රාන්තයේ රෙහොබොත් වෙරළේ විවේකීව ගතකළ නිවාඩුව ඔහු එකදිගට ලබා ගත් 16 වැනි නිවාඩුව බවද රිපබිලිකන් ජාතික කමිටුව අනාවරණය කර ඇතැයි නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. බයිඩන්ට නැවත වතාවක් තරඟ නොකරන ලෙස දැඩිව කියා සිටි හිටපු කතා නායිකා නැන්සි පෙලෝසි වැනි සෙසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සමඟ අමනාප වී සිටින නිසා ඔවුන් මගහැර සිටීමට පසුගිය ජූලි මාසයේදී සිට වැඩියෙන් නිවාඩු ගැනීමට පෙළඹී තිබෙන බවට මේ වනවිට මතයක් ගොඩනැගී ඇති බව එම පුවත්පත සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපති සහ සහායක එකතු වෙලා කරලා තියන දෙයක්..

දුම්රිය ස්ථානාධිපති සහ සහායක එකතු වෙලා කරලා තියන දෙයක්..

හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරැක් ඔබාමා සහ රොනල්ඩ් රේගන් දෙවතාවක් ජනාධිපති ධුරය දරා ඇති බවත් ඔවුන් නිවාඩු දින ලෙස ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ ධුර කාලවලින් සියයට 11 ක් බවත් එසේම ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ධුර දැරූ දින 1461 න් නිවාඩු ලෙස ලබාගෙන ඇත්තේ දින 381 ක් බවත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේය.

ඒ අනුව අඩුවෙන්ම වැඩකළ ඇමෙරිකානු ජනාධිපතිවරයා වීමේ තරඟයේ පෙරමුණට ජනපති බයිඩන් රැගෙන ඒමට නිවාඩු දින 532 ක සමත්වී ඇතැයිද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.