දුම්රිය ස්ථානාධිපති සහ සහායක එකතු වෙලා කරලා තියන දෙයක්..
By Piyumika
දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 මිලිගෑම් 320 ක් මෙන්ම ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.