මෙහෙම දෙයක් පවුල වෙනුවෙන් කරන්න බැරි නම් ජනපති කමෙන් ඇති වැඩේ මොකක්ද කියලා ජනාතිපතිවරයෙක් කරපු දෙයක්..
ෆෙඩරල් බදු සහ තුවක්කු වැරදි සම්බන්ධයෙන් දඬුවම් නියම වූ වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බිඩෙන්ට, ජනපති බයිඩ්න් විසින් සමාව ප්‍රධානය කළ බව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (01) නිවේදනය කළා.
එය ඔහු එළඹෙන ජනවාරි සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් වන අවස්ථාවේදී .
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති ජෝ බයිඩ්න් සඳහන් කළේ, “අද මම මගේ පුතා හන්ටර්ට සමාවක් අත්සන් කළා, විධායක සමාව දීමේ පිටපතකට අනුව එය "පූර්ණ සහ කොන්දේසි විරහිත සමාවක්" යනුවෙන්.
තම පුතාට සමාව දීමෙන්, ජෝ බයිඩන් 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් වීමට පෙර සහ පසුව නැවත නැවතත් කළ ප්‍රසිද්ධ පොරොන්දුව පැහැර හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
2024 මැතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසුව වත්මන් ජනාධිපතිවරයා හෝ ඔහුගේ ඉහළම ධවල මන්දිර ප්‍රකාශකයා හෝ හන්ටර් බයිඩන්ට සමාව නොදෙන බව හෝ ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බව ප්‍රකාශ කර තිබුණා..
බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බයිඩන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චෝදනා කරයි.
මෙම නිල සමාව දීම ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අවලංගු කිරීමට නොහැකි එකක් වනවා.
54 හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ එම චෝදනා දෙකටම ඔහු වරදකරු වී සිටී.
ජෝ බයිඩන් පුත් හන්ටර්ට ජනාධිපති සමාව දී තිබෙන්නේ හන්ටර් බයිඩන්ට දඬුවම් නියම කිරීමට සූදානම් අවස්ථාවකදීය.
තමන්ගේ තීරණය සම්බන්ධයෙන්, ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාව දීමට තීරණය කළ බවත්ය.
හන්ටර් බයිඩන් ඇමෙරිකන් නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වෙයි. කලක් ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. එම කාලයේ ඒ බව වසං කරමින්, හන්ටර් බයිඩන් ගිනි අවියක් මිලදී ගෙන එය ළඟ තබාගෙන සිටියේය.
මෙය බරපතල වරදක් බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් අධිකරණය හමුවේ වරදකරු විය. ඊට අමතරව, බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු එම චෝදනා සම්බන්ධයෙන් ද වරදකරු විය.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. එම කාලයේ පියාගේ බලතල අනුව යමින්, යුක්රේනය සමඟ ආන්දෝලනාත්මක ගනුදෙනු රැසක් කළේ යැයි ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී තිබේ.
You may like this video