NPP අය ඒවා ගන්නේ නැහැයි කියලා කොහෙදිවත් කියලා නෑ...මොකද අපිට ගෙදරින් අරන් එන්න බැහැනේ..

Report

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර කිසිම දිනක ලබා නොගන්නා බව හෝ රජයේ වාහන ලබා ගන්නා බව ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කිසිම දිනක ප්‍රකාශ කර නැතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවෙන් දෙන ආහාර වෙල් ලබාදිය යුත්තේ සාමාන්‍ය වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ බව තමන් පාර්ලිමේන්තුවට පැමිණි පළමු දින සිට ප්‍රකාශ කර සිටි බවද අමාත්‍ය බිමල් රත්නායක පැවැසුවේය.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට අස්වැසිල්ලක්...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට අස්වැසිල්ලක්...

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල් ලබා නොගන්නා බවත් නිල වාහන ලබා ගන්නා බවත් ප්‍රකාශ කර ඇති බවට ඇතැම් පාර්ශ්ව ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

කිසිම දිනක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එවැනි ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

2000 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී ආහාර වේලක් රුපියල් 15 කට අලෙවි වූ බවද ඔහු පැවැසුවේය.

නව අගවිනිසුරු ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දුට..

නව අගවිනිසුරු ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දුට..

පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේලක මිල වැඩිවිය යුතු බවට 2004 හෝ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ බවද අමත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන්ට ගෙදරින් ආහාර ගෙන ඒම කිසිසේත් කළ නොහැක්කක් බවද ඔහු පැවැසුවේය. ලෝකයේ සෑම රටකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ආහාර ලබා දෙන බවත් ජාතික ජන බලවේගය කියා සිටින්නේ සාමාන්‍ය පවතින මිලට එම ආහාර වේල් ලබාදිය යුතු බවත් යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 


You may like this video