ඉන්ධන අර්බුදයක්..ළඟදීම රට තුළ වෙන්න යන දේ..මිලත් ඉහළ යනවද..?

Anura Kumara Dissanayaka Jeevan Thondaman Sri Lanka Fuel Crisis Latest Headlines AKD
By Sewvandhi Oct 27, 2024 11:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ, වත්මන් රජය මිල සුත්‍රය අනුව කටයුතු නොකරන නිසා රට තුල ඉන්ධන අර්බුධයක් ඇතිවිය හැකි බවයි.

 (26) දින පස්වරුවේ කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ සහල්, බිත්තර සහ පොල් මිල ඉහල යාම හමුවේ රටේ ජනතාවගේ ජිවන වියදම තවත් ඉහල ගොස් ඇති බවයි.

ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ, එය පාලනය කිරිමට වත්මන් ජනාධිපතිවරයා අපොහොසත් වි ඇති බවත්, ජිවන වියදම ඉහල යාම වතුකරයේ ජනතාවට දැඩි ලෙස බලපැමක් එල්ල කර ඇති බවයි.

ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ, වතුකරයේ ජනතාව පිලිබදව කිසිදු ප්‍රකාශයක් වත්මන් ජනාධිපතිවරයා සිදුනොකිරිම හමුවේ 2024 මහ මැතිවරණයේදි වතුකරයේ ජනතාව නියෝජනය කිරිමට පාර්ලිමේන්තුව තුල දමිල මන්ත්‍රිවරුන් සිටිය යුතු බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදි ඉන්ධන මිල පාලනය කිරිමට මිල සුත්‍රයක් හදුන්වා දුන් බවත්, වත්මන් රජය මිල සුත්‍රය අනුව කටයුතු නොකරන නිසා රට තුල ඉන්ධන අර්බුධයක් ඇතිවිය හැකි බවත්, තමන් ජල සම්පාදන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල සමයේ ජල ගාස්තු 10% කින් අඩු කලද වත්මන් රජය තුල එවැනි වැඩපිලිවෙලක් නොමැති බවද ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පැවසිය.