සහල් වෙළෙන්දන්ට වැඩ වරදී..ජනපති හදිසියේම ගත් තීරණය..!
පාරිභෝගික අධිකාරිය මගින්, සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අදාළ සංගණනය සිදුකෙරෙන බව සදහන් වේ.
ඒ අනුව අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිස්ත්‍රික්ක 4ක් කේන්ද්‍ර කරගනිමින් සහල් තොග පිළිබඳ සංගණනය පැවැත්වෙනු ඇත.
ඊට අදාළ වාර්තාව සඳුදා දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.
වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පසුගිය දිනවල දිගින් දිගටම පාරිභෝගිකයින් චෝදනා කළේය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මහ පරිමාණ සහල් මෝල් ව්‍යාපරිකයින් ගෙන්වා සාකච්ඡාවක් ද පැවැත්වු අතර එහිදී ජනාධිපතිවරයා නියෝග කළේ පාලන මිලට සහල් අලෙවි කරන ලෙසය.