තැන තැන ගාල් කෙරුව රජයේ සුපිරි වාහන.. ඒ ගැන ජාතික ජන බලවේගයෙන් කරන්න යන දෙය මෙන්න..
නව රජය පත් වීමත් සමඟ පැවති රජයේ මැති ඇමතිවරුන් මෙන්ම, රාජ්‍ය නිලධාරීන් භාවිත කළ වාහන රැසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සහ කොළඹ ස්ථාන කිහිපයක ගාල්කර ගොස් ඇති ආකාරය දැකගත හැකි විය.

අලුත් ආණ්ඩුවක් යටතේ සැබෑ වෙනසක්.. රාජ්‍ය සේවයේ මොකක් වෙයි ද?. ජීවන වියදම.. ජනපති ජාතිය අමතා කීව දෙය මෙන්න.. (VIDEO)
රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා.
එම වාහන එලෙස දමා ගිය පිරිස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පැවසුවේ ය.
ඒවා නිරීක්ෂණයට ඒ මහතා පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, කොළඹ පදනම් ආයතනය අසල, එමෙන්ම, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසළ බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ ද එලෙස වාහන ගාල්කර තිබෙනු දක්නට ලැබුණා.
ඒ අතර, වී. එයිට් වර්ගයේ සුපිරි ජීප් රථ, රේන්ජ් රෝවර්, මොන්ටේරෝ ඇතුළු සුඛෝපභෝගි වාහන ද වේ.