Jaguar Land Rover අපනයනය කිරීම මාසකට නවතී!

Report

ටාටා සමාගම ජගුවර් ලෑන්ඩ් රෝවර් (Jaguar Land Rover) මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙයට හේතුව වන්නේ අමෙරිකානු පරිපාලනය විදෙස් රටවලින් ආනයනය කරන මෝටර් රථ සහ අමතර කොටස්වලට සියයට 25ක බද්දක් පැනවීමට ගත් පියවරයි.

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය වශයෙන් පනවන ලද තීරුබදු මේ වන විට ලෝකයේ වැඩි අවධානයක් ලබා ඇති මාතෘකාවකි.

ට්‍රම්ප් තම බදු ප්‍රතිපත්තිය යටතේ විදෙස් රටවලින් ආනයනය කරන මෝටර් රථ සහ අමතර කොටස්වලට සියයට 25ක බද්දක් පැනවූ අතර, එය පසුගිය 2 වැනිදා සිට ක්‍රියාත්මක විය.

මෙම තත්ත්වය මත බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අමෙරිකාවට අපනයනය කිරීම ටාටා සමාගම විසින් තාවකාලිකව නතර කර තිබේ.

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

යුරෝපා සංගමයෙන් පසුව බ්‍රිතාන්‍ය මෝටර් රථවල ප්‍රධාන ඉල්ලුම්කරු වන්නේ අමෙරිකාවයි. එබැවින් ට්‍රම්ප් පරිපාලනයේ මෝටර් රථ ආනයන බදු පැනවීම බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තයට බරපතල බලපෑමක් ඇති කරයි.

මෙම බදුවලට මුහුණදීම සම්බන්ධ තීරණයක් ගන්නා තෙක්, මාසයක කාලයකට ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ අමෙරිකාවට අපනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ මෝටර් රථ නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වන බව වාර්තා පෙන්වා දෙයි.

අපි කියන්නේ ඇත්තමයි...මාලිමාව බොරු කියන්නේ නැහැ....

අපි කියන්නේ ඇත්තමයි...මාලිමාව බොරු කියන්නේ නැහැ....

මෙම සුඛෝපභෝගී රථ සඳහා අමෙරිකානු වෙළඳපොළ ඉතා වැදගත් බව සමාගමේ අදහසයි. බ්‍රිතාන්‍යය වාර්ෂිකව රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස්, ඩිෆෙන්ඩර් වැනි රථ ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් අමෙරිකාවට අපනයනය කරයි.

එමනිසා, ට්‍රම්ප්ගේ බදු පැනවීම බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.