මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..

Passport Latest Headlines Decision Making
By krishani Jun 07, 2024 11:52 AM GMT
krishani

krishani

Report

ආගමන විගමන පාලකවරයා විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි.. | Issuance Of Air Tickets

ඒ දශක කිහිපයකට පෙර නිකුත් කර ඇති වර්තමානයේ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකිරීමටයි.

එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප, අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්ය වේ.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ අනුව පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේ දී ඉදිරිපත් කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ය.

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්කරුගේ අයදුම්පත්‍රය, මාස හයකට වලංගු කාලයක පවතින වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වේ.

බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතක දී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයදුම්කරු නියම අයදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පැවතීම මෙයට හේතුව බව සඳහන් වේ.

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එමෙන්ම, පවතින ක්‍රමවේදයට අනුව ගුවන් ගමන් බලපත්‍රයක් වසර දහයකට වලංගු කෙරෙන අතර ඉදිරියේ දී ආගමන විගමන පද්ධතිය නවීකරණය කිරීමෙන් කල් පැන යන ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී අයැදුම්පත පමණක් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කරන බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, පවතින ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ගේ ජාතික හැඳුනුම්පත්, ඡායාරූපය, උප්පැන්න සහතිකය ආදිය ස්කෑන් කර ආගමන විගමන පද්ධතියේ යාවත්කාලීන කෙරෙන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.