දකුණු ලෙබනනයට ඊශ්‍රායයෙන් දරුණු ගුවන් ප්‍රහාරයක් - 7ක් මරුට

Report

දකුණු ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන රජයේ නිල පුවත් සේවය උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම දරුණු ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු ලෙබනනයේ සිදොන් (Sidon) දිස්ත්‍රික්කයට අයත් කාෆ්ර් හට්ටා (Kfar Hatta) ප්‍රදේශය ඉලක්ක කර ගනිමිනි.

ලෙබනනයේ රාජ්‍ය ජාතික පුවත් ඒජන්සිය (NNA) සඳහන් කරන පරිදි, ඊශ්‍රායල ප්‍රහාරක යානා එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් පිරිසක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

අමෙරිකානු ගුවන් නියමුවා බේරාගන්න බැරි වුණා ඒ පුවත අසත්‍යයි - ඉරානෙන් ප්‍රකාශයක්

අමෙරිකානු ගුවන් නියමුවා බේරාගන්න බැරි වුණා ඒ පුවත අසත්‍යයි - ඉරානෙන් ප්‍රකාශයක්

මියගිය පිරිස අතර සිව් හැවිරිදි කුඩා දැරියක ද සිටින බව එම පුවත් සේවය වැඩිදුරටත් තහවුරු කර ඇත.

කලාපය තුළ පවතින යුදමය උණුසුම හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් සිවිල් වැසියන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - හෙට අවදානම් දිනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - හෙට අවදානම් දිනයක්