අනුරගේ රෙදි ගලවන්න ගම්මන්පිල නැවත මතුවෙයි
පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා නැවතත් මාධ්‍ය හමුවක් තබා රජයට සහ ජනාධිපතිවරයාට විරුද්ධව තවත් දූෂණ චෝදනා කිහිපයක් හෙළි කර ඇති බව සඳහන්.
ඒ අනුව විගණකාධිපති තනතුර සහ සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුර තම මිත්‍ර හිතවත්කම් වෙනුවෙන් වෙන්කළ ඉතිහාසයේ දූෂිතම ජනපතිවරයා අනුර දිසානායක මහතා බව ඔහු සඳහන් කර ඇති බව පවසයි.
ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල,
"විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුයි. ඒ තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් සහ පලපුරුද්ද වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා. විගණන නිලධාරින්ගේ සංගමය සුදුස්සාට සුදුසු තැන දෙන්න ගම්මන්පිල මහතා පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කලා විතරක් නොවේ මාධ්‍ය හමුවක් තියලා රටටත් කිව්වා. ඒ ඉල්ලීම් පැත්තක තියලා ජනාධිපතිතුමා තමන්ගේ කැළණි සගයෙක් විගණකාධිපති තනතුරට පත් කරන්න උත්සාහ කලා. නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන කීර්තිමත් වෘත්තියවේදින් තුන්දෙනා ඉතාම නිර්භීතව ජනපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කලා. ඒ නිසා තමන්ගේ මිත්‍රයා විගණකාධිපති තනතුරට පත් කර ගන්න බැරි වුණා. නමුත් සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ ධූර කාලය ජනවාරි මස 3 දා අවසන් වෙනවා. ඊලඟට පත් වන තුන්දෙනාගෙන් එක් අයෙකු ආණ්ඩුවේ යෝජනාවට සහය දුන්නොත් කැළණි මිත්‍රයා විගණාකධිපති තනතුරට පත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ගම්මන්පිල මහතාට වැඩ බලන පත්වීම් දෙමින් ජනාධිපති කල් මරන්නේ. මුලින්ම සති දෙකකට දුන්නා. ඊට පස්සේ මාසයකට දුන්නා. දැන් මාස හයකට දුන්නා. මාස හතහමාර ඉවර වෙන කොට අළුත් ව්‍යවස්ථාදායක සභාවක්. එතකොට කැළණි සගයාට පත්වීම ලබා දෙන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න පුළුවන්. විගණකාධිපති තනතුර විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනි කියලා මුළු ලෝකය පුරා පිලිගත් සම්මතයක් තිබෙනවා.
ඒ නිසා අන්ත දූෂිතයි කියලා චෝදනා ලබපු ජනාධිපතිවරු අගමැතිවරුවත් කවදාවත් තමන්ගේ යාළුවන් විගණකාධිපති තනතුරට පත් කර ගන්න උත්සාහ කරලා නෑ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයෙකු තමන්ගේ මිත්‍රයෙක් විගණකාධිපති කර ගන්න මෙතරම් වෑයම් කරන්නේ. ඒ වගේ නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එන් ඩි එන් ඒ ප්‍රේමරත්න මහතා සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරලා තියෙනවා. නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරීයෙක් කිව්වාම අපිට හිතා ගන්න පුලුවන්. නාවික කටයුතු පිළිබඳ ප්‍රවීනයෙක් ඒ නිසා වරාය අධිකාරියේ සභාපති වුනානම් සමුද්‍ර දුෂණ වැළැක්විමේ අධිකාරියේ සභාපති වුනානම් අපිට ඒක තේරුම් ගන්න පුලුවන්. නැව් සංස්ථාවේ සභාපති වුනානම් අපිට තේරුම් ගන්න පුලුවන්. නාවික හමුදාවේ කොමදෝරු මහත්තයෙක් සුරා බදු ගැන මොනවාද දන්නේ එතුමා සුරාව පිළිබඳ විශේෂඥවරයෙක්ද කියලා නම් අපි දන්නේ නෑ. හැබැයි බදු පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. එහෙම කෙනෙක් මෙහෙම පත් කරන්නේ ඇයි? 1912 සුරාබදු දෙපාර්තමේන්තුව පටන් ගත් දවසේ සිට පසුගිය වසර 113ටම කිසිම රාජ්‍ය නායකයෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව දේශපාලනිකරණය කරන්න උත්සහ කරලා නෑ.
මේ තනතුර ගැන එක පැත්තකින් කියනවා ප්‍රේමරත්න මහතා තබුත්තේගම උපන් කෙනෙක් කියලා. ගමට ඇදලා තියෙන්නේ. එක පැත්තකින් තබුත්තේගම ගමට ඇද්දා කියලා කතාව යනවා. අනිත් පැත්තෙන් මෙතුමාගේ බිරිඳ තමයි මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් වෙලා හිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ වසන්තා සුබසිංහ මැතිණිය. එක පැත්තකින් කැලණියට අදිනවා කියන චෝදනාවත් ඔප්පු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගමට අදිනවා කියන චෝදනාවත් ඔප්පු කරලා තියෙනවා. රටේ ප්‍රධාන තනතුරු මෙහෙම පක්ෂාග්‍රාහිව ලබා දුන්නොත් ඥාති සංග්‍රහයට මිත්‍ර සංග්‍රහයට ගමේකමට දෙන්න ගියොත් රට හදන්නේ කෙහොමද? මේකද? ඔබතුන්ලා රටට පොරොන්දු වුන පුනරුදය කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා...ඒ නිසා මාලිමාවට ඡන්දේ දුන්නු අය වරින් වර ඇදුම් ගලවගෙන දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ. ඒ නිසා අනුකම්පා කරලා. ඒඅය නිරුවත් භාවට පත් කරන්න එපා කියලා. අපි ජනාධිපතිතුමාගේන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා."
