මුළු මැදපෙරදිගම අපායක් කරනවා - ඉදිරි පැය 24 තීරණාත්මකයි - උණුසුම් මොහොතක්
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ලබන සඳුදා වන විට යළි විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය දැඩි පිළිතුරු ලබා දී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය අමෙරිකාවට අනතුරු අඟවමින් පවසා ඇත්තේ මෙම ආක්‍රමණකාරී ක්‍රියාවන් තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම අමෙරිකාවට "අපායක්" බවට පත් කරන බවයි.
ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු බලපෑම් හමුවේ තමන් පසුබට නොවන බවත්, කලාපීය ස්ථාවරත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දෙන බවයි.