ගෝලීය දේශපාලන උණුසුම ඉහළ වෙද්දී මැදපෙරදිග රටවල් 5කින් ඉරානය වන්දි ඉල්ලයි
ඉරානයට එල්ල වූ බව කියන එක්සත් ජනපද හමුදා ක්‍රියාන්විත සඳහා සහය ලබාදීම සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් පහකින් වන්දි ඉල්ලා ගැනීමට ඉරානය තීරණය කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත අමීර්-සයිඩ් ඉරවානි විසින් ආරක්ෂක මණ්ඩලය වෙත නිල ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
චෝදනා එල්ල වී ඇති රටවල් ලෙස;
සෞදි අරාබිය, බහරේනය, කටාර්, රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), ජෝර්දානය
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ "Operation Epic Fury" මෙහෙයුම සඳහා තම ගුවන් සීමාව හෝ භූමිය භාවිතා කිරීමට ඉඩ දීමෙන් මෙම රටවල් ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කර ඇති බව ඉරානය පවසයි.
අදාළ රටවල සහය ඇතිව එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සිවිල් සහ මිලිටරි යටිතල පහසුකම්වලට සිදු වූ "භෞතික හා සදාචාරාත්මක හානිය" සඳහා එම රටවල් පූර්ණ වන්දි ගෙවිය යුතු බව ඉරවානි මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කටාර් රාජ්‍යය ද අප්‍රේල් 8 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමු කළේය. ඉරානය විසින් දියත් කළ ප්‍රති-ප්‍රහාරවලින් කටාර් භූමියට සිදු වූ හානි සඳහා ඉරානයෙන් වන්දි ලබා දෙන ලෙස එහි සඳහන් වේ.
ලෝක දේශපාලනය උණුසුම් කරමින් බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්
මීට අමතරව, ඉරානය විසින් අසල්වැසි රටවලට එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් බහරේනය ඉදිරිපත් කළ යෝජනාවක් ද පසුගියදා ආරක්ෂක මණ්ඩලයේදී සම්මත විය.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්‍යන්තර නීතිමය මැදිහත්වීමක අවශ්‍යතාව මේ වන විට දැඩිව මතුව තිබේ.