හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දවසක විවෘත වෙන් නෑ - ලෝකෙම හොල්ලමින් ඉරානයෙන් ප්‍රකාශයක්
ඇමරිකානු ප්‍රහාර ඔස්සේ හෝමූස් සමුද්‍ර සන්ධිය කිසිදා යළි විවෘත නොවනු ඇති අතර, උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් කිරීම යථා තත්ත්වයට පත් කිරීමට ඇති එකම මාර්ගය "ඉරාන ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම" බව ඉරාන හමුදා ප්‍රකාශකයෙක් ඊයේ(14) දින ප්‍රකාශ කර ඇත.
ඉරාන රාජ්‍ය රූපවාහිනියට අනුව, ඉරාන හමුදා ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා සඳහන් කළේ, "ඇමරිකානු ප්‍රහාර, යුද්ධය හෝ නපුර හරහා හෝමූස් සමුද්‍ර සන්ධිය කිසි විටෙකත් නැවත විවෘත නොවනු ඇත.එය නැවත විවෘත කිරීමට ඇති එකම ක්‍රමය ඉරාන ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමයි."
එසේම හිටපු උත්තරීතර නායක අලි කමේනි සහ යුද්ධයේදී ජීවිත අහිමි වූ සියලු දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමට ඉරානය තවමත් කැපවී සිටින බව ද අක්‍රමිනියා සඳහන් කළා.
2026 පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ ගැටුමෙන් පසුව හෝමූස් සමුද්‍ර සන්ධිය කලාපීය ආතතීන්ගේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් පවතින අතර මෑත දිනවල එක්සත් ජනපදය ඉරානයට ප්‍රහාර එල්ල කර ඇත.
ඒ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ යාත්‍රාවලට ඉරාන ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් වශයෙන්. 2026 ජුනි මාසයේදී, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර, යුද්ධය අවසන් කිරීම සඳහා ස්ථිර එකඟතාවයකට පැමිණීමේ උත්සාහයේ කොටසක් වශයෙන් කටාර් සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් පසුව සටන් විරාමයක් ඇතුළත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ ද එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූලි 8 වන දින නිවේදනය කළේ අලුත් වූ උත්සන්න වීමෙන් පසුව සටන් විරාමය "අවසන්" බවයි.