කාර්ග් දූපතට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය දරුණු වෙයි - බරපතළ ප්‍රකාශයක්
ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.
ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සදහන් කර ඇත්තේ ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි .
කාර්ග් දූපතට එල්ලකළ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරන්නේ අමෙරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළද, තමන් තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවයි.
ඒ වගේම තව දුරටත් ඔහු සදහන් කර ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා ඉන්ධන නෞකාවලට ඉරානය හෝ වෙනත් පාර්ශ්වයක් ප්‍රහාර එල්ලකළ හොත් මෙම තීරණය ගැන නැවත සලකාබලන බවයි.