ප්‍රහාරයෙන් බිඳවැටුණු ඉරාන තෙල් ජාලය යළි නැගෙයි
ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි වූ තෙල් පිරිපහදු සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් ඉදිරි මාස දෙක ඇතුළත යළි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඉරාන තෙල් අමාත්‍යාංශය පවසයි.
ඉරාන තෙල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මොහමඩ් සදෙක් අසිමිෆාර් (Mohammad Sadeq Azimifar) මහතා, Student News Network වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ අලුත්වැඩියා කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
විශේෂයෙන්, ප්‍රහාරයට ලක් වූ Lavan Oil Refinery ඉදිරි දින දහය ඇතුළත අර්ධ වශයෙන් යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත. එම පිරිපහදුව දිනකට තෙල් බැරල් 55,000ක ධාරිතාවයකින් යුක්ත එකකි.
මේ අතර Shahid Dolati Oil Storage Facility සහ Shahr-e Rey Oil Storage Facility වැනි ප්‍රධාන ගබඩා මධ්‍යස්ථානවලටද චන්ද්‍රිකා දත්ත මගින් තහවුරු කළ හැකි දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
තවද, ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන Kharg Island ද මීට පෙර අවස්ථාවලදී ප්රහාරයන්ට ලක්ව තිබුණි.
කෙසේ වෙතත්, හානි වූ උපකරණ ප්‍රතිස්ථාපනය කරමින් සහ සුන්බුන් ඉවත් කරමින් ඉතා කඩිනමින් පිරිපහදු ඒකක යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.