මිතුරිය ගෙනවිත් දුන් අපූරු දේ කාපු මිතුරන්ට උන ඇබැද්දිය..

Sri Lanka Police Sri Lanka School Incident School Children
By Piyumika Jul 06, 2024 02:18 AM GMT
Piyumika

Piyumika

Report

දිඹු­ලා­ගල අධ්‍යා­පන කලා­ප­යට අයත්, වැලි­කන්ද අසේ­ල­පුර මහා විද්‍යා­ලයේ සිසු­වි­යක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යා­ලයේ සිසුන් හත් දෙනකු ප්‍රති­කාර සඳහා ඊයේ (5) දහ­වල් වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව වැලි­කන්ද පොලි­සිය වාර්තා කලේය .

අපරාධ කොට්ඨාසය තුළදීම පොලිසියේ දෙන්නෙක් එකතුවෙලා කරල තියන දෙයක්..

අපරාධ කොට්ඨාසය තුළදීම පොලිසියේ දෙන්නෙක් එකතුවෙලා කරල තියන දෙයක්..

අත්තන ඇට කෑමෙන් පසු ශරී­ර­යට විෂ වූ පිරිමි ළම­යින් සිව් දෙනකු සහ ගැහැනු ළම­යින් තිදෙ­නකු වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ඔවුන් වැඩි­දුර ප්‍රති­කාර සඳහා පොලො­න්න­රුව මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

ඊයේ (5) උදෑ­සන 9 ශ්‍රේණියේ සිසු­වි­යක අත්තන ඇට පාස­ලට ගෙන­විත් ඇය යහ­ළු­වන්ට කෑම සඳහා එම ඇට දී ඇති බව අනා­ව­ර­ණය වී ඇත.

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.. අද මේ ප්‍රදේශ වල වැස්ස වැඩි වෙයි..

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.. අද මේ ප්‍රදේශ වල වැස්ස වැඩි වෙයි..

මෙලෙස රෝහ­ල්ගත කර ඇත්තේ අසේ­ල­පුර මහා විද්‍යා­ලයේ 9, 10, 11 හා 12 ශ්‍රේණි­වල ඉගෙ­නුම ලබන සිසුහු හත්දෙ­නකි.

අදාළ සිසුන්ගේ තත්ත්වය එත­රම් බර­ප­තළ නොවන බව පැව­සේ.